Saturday, December 31, 2011

නව වසර ඔයාට සුභ ද අසුභ ද?

            මට නම් නව වසර සුභයි...මොකද දන්නවද?... ලග්න පලාපල වලින් මොනව කිව්වත් අපි කරන කියන දේවල් වල සාර්ථකත්වය තීරණය වෙන්නෙ අපි ඒ දේ කරන විදිහ අනුව... ඔයා යම් වැඩක් කරනකොට මේ වැඩේ හරියනවමයි කියල හිතාගෙන කලොත් ඒ වැඩේ හරියන්න පුලුවන් සම්භාවිතාව ගොඩක් වැඩි වෙනව... හැබැයි ඉතින්, මේකනම් හරියන වැඩක් නෙමෙයි කියල හිත හිත හිටියොත් හරියන්නෙම නැහැ තමයි... ඒක නිසා 2012 අවුරුද්දෙ දින 366 ම හොඳට ප්‍රයෝජන ගන්නත් කරන කියන හැම වැඩක්ම සාර්තකව කරගන්නත් ඔයාට මානසික ශක්තිය සහ ධෛර්ය ලැබේවා කියල මම හදවතින්ම ප්‍රාර්තනා කරනව....2012 වර්ශය ඔයාට අනිවාර්යෙන්ම සුභයි....ආයෙ ඒකෙ දෙකක් නෑ...

2 comments:

අනිවා... මම 98%ක්ම එකඟයි කථාවට..
අපිට වෙන්න ඕන දේ ගැන විතරක් හිතලා, ඒ දේ කෙරුවොත් ඒක අනිවාරෙන්ම සාර්ථක වෙනවා, වෙනවාමයි!
සුබ අළුත් අවුරුද්දක් වේවා!
 
දැන් 2016.
සුභ අලුත් අවුරුද්දක් වේවා ~
 

Post a Comment