වෙලාවකට මට හිතෙනව මම වගේ අවාසනාවන්තයෙක් වෙන කොහෙවත් නැතුව ඇති කියල.හැබැයි තවත් වෙලාවකට හිතෙනව තනිකඩව ඉන්න එක මොනතරම් වාසනාවක් ද කියල. ප්‍රශ්න නැහැ ,හිතට බරක් නැහැ,හැම වෙලේම Phone එක කනේ ගහගෙන ඉන්න ඕන නැහැ,ඕන තැනක යන්න එන්න පුලුවන්,ඕන කෙනෙක් එක්ක කතා බහ කරන්න පුලුවන්. හ්ම්ම්ම්... මොනතරම් නිදහසක් ද....ඒ වුනාට මොකක්හරි හිතට දුකක් දැනුනාම, මොකක් හරි දෙයක් ගැන හරි තීරණයක් ගන්න බැරි වෙලාවට,පාලුව තනිය දැනෙන වෙලාවට...මටත් ආදරේ කරන කෙනෙක් හිටියනම් කියල හිතෙනව...එහෙම හිටියනම් මටත් එයාගෙ උකුලෙන් ඔළුව තියාගෙන මගේ දුක කියන්න තිබුන...එයා මගෙ ඔළුව ආදරෙන් අතගායි,මගෙ හිත හදන්න මොන මොනව හරි කියයි...එතකොට මොනතරම්නම් සහනයක් දැනෙයිද...තනිකඩ කොල්ලෙක් ඔන්න ඔහොම හිතනවාලු.
ඔය අතරෙ තව කොල්ලෙක් මෙන්න මෙහෙම හිතනවලු....“කෙල්ලෙක් එක්ක යාලු වෙලා ටික කාලයක් ගියා විතරයි දැන් මගෙ යාලුවො ටිකෙන් ටික මගෙන් ඈත් වෙලා. මට උන් එක්ක සෙට් වෙලා කෙල්ලන්ට විහිලු කරන්න,එක එකාව චාටර් කරන්න,මල ගෙදරක දානෙ ගෙදරක නියිටක් ගහන්න යනන්වත් වෙලාවක් නැහැ.කොහේ ගියත් ගෙදරට නොකිව්වත් කෙල්ලට කියන්න ඕන.එහෙන් අම්මල තාත්තලා ගේම ඉල්ලනවා. ඒමදිවට දැන් දැන් එයා දකින හීන....බුදු අම්මෝ ඒව හැබෑ කරන්න ජොබ් 4ක් වත් කරන්න වෙනව. මේ දවස් වල මගේ අතේ සල්ලිත් නෑ බන් ,කෙල්ලගෙ උපන්දිනෙත් ලඟයි...“
හැබෑටම මම මේ කල්පනා කලේ, මොකද්ද මේ ආදරේ කියන්නෙ...ඕක නැතුවම බැරි ද?...සමහරුනම් කියන්නෙ ආදරේ කියන්නෙ හරියට ඔක්සිජන් වගේ කියල...ඒක නැති වුනොත් හුස්මගෙනත් ඉවරයිලු...අනේ මන්ද ඉතින්.........හැබැයි මගෙනම් හුස්ම වැටෙනව තාම...එහෙමත් නැත්තම් ඉතින් මටත් හොරෙන් මම මැරිලා.
2 comments:
Post a Comment