මගේ අදහස නම් සෙල්වම් කියන්නෙ කලාත්මක චිත්‍රපටයක් නෙමෙයි.චිත්‍රපටයක් කරන්න ඕනවට කරල වගෙයි මට පෙනුනෙ. දැන් ඔයාල හිතනව ඇති මූ කොහොමද එහෙම කියන්නෙ,මූ මොනවද චිත්‍රපටි ගැන දන්නෙ, මුට මොකද්ද තියන අයිතිය එහෙම කියන්න කියල. හරි...මම විස්තර කරල කියන්නම් මගෙ අදහස් ටික. හැබැයි මුලින්ම කියන්න ඕන මම චිත්‍රපටි විචාරකයෙක් නම් නෙමෙයි. චිත්‍රපටි කලාවට ආදරය කරන තවත් එක රසිකයෙක්. මම මේ වෙනකොට සිංහල, දෙමල, ඉංග්‍රීසි, හිංදි,උරුදු, කොරියන්,ජපන් ආදී වශයෙන් චිත්‍රපටි 1000 ක් විතර නරඹල තියනව. තව ඉතින් එහෙන් මෙහෙන් සිනමාව ගැන කියවලත් තියනව. අනික නිර්මාණයක් ගැන තමන්ගෙ අදහස් කියන්න අයිතිය තියෙන්නෙ රසිකයන්ට නෙවෙයි නම් වෙන කාටද?
මුලින්ම මම කියන්නම් මේ චිත්‍රපටියෙ මම දැකපු හොඳ. ප්‍රධානම එක තමයි අපේ හමුදාවෙන් අල්ලගත්ත කොටින්ව මරා නොදමා ඔවුන් ව පුනරුත්තාපනය කිරීම ගැන දක්වලා අපේ හමුදාවේ උදාරත්වය ඉස්මතු කරන්න උත්සහ දැරීම. තව ඉතින් කියන්න පුලුවන් තෝරගෙන තියන තේමාව හොඳයි. ඒත් රටේ හැමෝගෙම හදවතට දැනෙන්න පුලුවන් විදිහට මේක නිර්මාණය කරන්න අධ්‍යක්ෂකවරයා ට බැරි වුනා. ඒකට ප්‍රධානම හේතුව තමයි ඔහු මේ සිනමා කෘතිය දේශපාලනීකරණය කිරීම. මොකද ඉතින් අපේ රටේ දේශපාලනේදි කට්ටිය දෙකට බෙදෙනව නෙ.
කොහොම නමුත් මේ නිර්මාණයේ තිර පිටපත දුර්වලයි. මොකද දන්නවද මම එහෙම කිව්වෙ. මේ කතාවෙ ත්‍රාසය, භීතිය,කුතුහලය ඇත්තෙම නැති තරම්. හාස්‍යය නම් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ.මේකෙ ඇතුලෙ ආදර කතාවක් තිබුනට ඒක ඇත්තටම ආදර කතාවක සාරාංශයක් මිසක් කතාවක් නෙමෙයි.සිනමා නිර්මාණයක තිබියයුතු වැදගත්ම ගුනාංගයක් වන ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගැනීමේ හැකියාව මේ නිර්මාණයේ තියෙන්නෙ බොහොමත්ම අඩුවෙන්.ඒකට ප්‍රධාන හේතුවක් තමයි නිර්මාණය එක අරමුනක් වෙත විකාශනය නොවීම. ඒ කියන්නෙ කොටි සාමාජිකයගෙ කතාව, සෙල්වම්ගෙ මහින්ද රාජා කතාව(දේශපාලනය),ආදරය සහ කොටිත් සාමාන්‍ය දෙමල ජනතාවත් අතර අර්බුදය කියන ඔක්කොම අච්චාරුවක් වගේ එලියට එනව...මම කියන්න හදන්නෙ මේ පිටපත මීට වඩා ආකර්ශනීයව පිළිවෙලකට
ගලාගෙන යන කතාවක් විදියට තිබ්බනම් මොනතරම් ලස්සන වෙන්න තිබුනද කියන එකයි.
මේක බොහොම හදිස්සියකින් නිර්මාණය කරපු එකක් වගෙයි මම දැක්කෙ.මොකද මේකෙ අධ්‍යක්ෂණයත් දුර්වලයි. සමහර තැන් වලදි රූප රාමු පිලිබඳ අධ්‍යක්ෂක සැලකිල්ලක් දක්වලම නැහැ. මට මතකයි එක තැනකදි ජෝ මහත්තය කඩමණ්ඩියෙ ඇවිදගෙන යන දර්ශණයක අනෙක් පැත්තෙන් බයිසිකලෙන් එන නිලියක් තව මිනිහෙකුගෙ සයිකලේ හැපෙන්න යනව. මේක නිර්මාණයට අදාල නොවන බාදාවක්. තව ගීතයක අතරතුර නළුවා සහ නිලිය දුවගෙන යනකොට නළුව බංකුවක් උඩින් පනින්න ගිහින් පැටලිල වැටෙන්න යනව.මේ වගේ දෙයක් වුනාම(පිටපතේ නැති) සාමාන්‍යෙයන් නැවත රූගත කිරීමක් කරනවා. ඒත් මෙහිදී ඒක එහෙම්ම දාල. තව එකක් තමයි සාමාන්යෙන් හෙලිකොප්ටරයක ඉඳන් පහත දර්ශණ රූගත කරද්දි හෙලිකොප්ටරේ හෙවනැල්ල නළු නිලියන්ට වැටෙන එක ලොකු බාදාවක්. ඒ වැරැද්දත් මේකෙ තියනව. තව එකක් තමයි සෙල්වම් පිට්ටනියෙ ක්‍රිකට් සෙල්ලම් කරනකොට හෙලිකොප්ටරයක් එනව දැකලා ඒක පස්සෙන් දුවන දර්ශණය, මේකෙදි සෙල්වම් එක්ක සෙල්ලම් කරපු වෙනත් ළමයි කවුරුත් අවටින් ඉන්න බවක් නැහැ. හරියට සෙල්වම් තනියම සෙල්ලම් කර කර හිටිය වගේ. ඔයවගේ තව පොඩි පොඩි ඒව ගොඩක් ඇති. ඒත් මම දැකපු ලොකුම වැරැද්ද තමයි පන්සලේ බිත්තියක බුදු හාමුදුරුවන්ගෙ සහ සීවලී හාමුදුරුවන්ගෙ පිංතූර වලටත් ඉහලින් ජනාධිපති තුමාගෙ පිංතූරයක් එල්ලීම.මෙය බුදු හාමුදුරුවන්ට කරන අපහාසයක් විදියටයි මම දැක්කෙ.
සමස්තයක් වශයෙන් ගත්තම මේ චිත්‍රපටිය තුල අපි හැමෝම අහල දැකල තියන දේවල් ම තමයි නැවත නැවතත් කියන්නෙ. ජාතික රූපවාහිනිය සහ ITN නාලිකාව නරඹන ජනතාවට නම් මේ චිත්‍රපටියෙන් අමුතුවෙන් දැනගන්න කියල මහ ලොකු දෙයක් නෑ, පුලුවන් එකම දේ තමයි ඉංග්‍රීසි භාෂාවෙන් එකේ සිට සීය දක්වා ලිවීමට එක A අකුරක් වත් අවශ්‍යය නොවන බව.ඒකත් දැනගත්තයි කියල ඉතින් මොකද්ද ඇති පලේ ......
(මෙම ලිපිය සම්බන්දව ඔබේ අදහස් උදහස් Comment එකකින් දක්වන්න)

2 comments:
Post a Comment